කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඒත්තාල ඉන්ධන පිරවුම් හලේ පෝලීමේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් අද (22) පුද්ගලයින් සිව් දෙනෙකු , බරපතල කැපුම් තුවාල ලබා කල්පිටිය හා පුත්තලම රෝහල්වලට ඇතුලත් කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
තෙල් පෝලිම පැනීමේ සිද්ධියක් මුල් කොට ගෙන මෙම ගැටුම නිර්මාණය වී ඇති බවට වාර්තා වී තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ ,තලවිල කොළනිය පදිංචි අවුරුදු 32ක් වන හර්ෂ චතුරංග ,අවුරුදු 25ක් වන තරිදු ප්‍රියශාන් යන තරුණයන් හා ඒත්තාල පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකු වන චාමර සම්පත් නම් පෞද්ගලික බස් රියදුරෙකු සහ 28 හැවිරිදි සුමිත් අසංක නම් එක්දරු පියෙකි.
හිසේ බරපතල කැපුම් තුවාල සහිත තුවාලකරුවන් දෙදෙනෙකු පුත්තලම රෝහලට යවා ඇති අතර තුවාලකරුවන් දෙදෙනෙකු කල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබති.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි කල්පිටිය පොලිසිය වැඩිදුරටත් පවසයි.
කල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවට වාර්තා වෙයි.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති