මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මේ වනවිට එක් දරුවෙකුට දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටත් රජය තීරණය කර ඇති බව සඳහන්.
මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය විසින් 2017 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන / පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාරවේල ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබනවා.
“අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල්” යන නිර්නායකය පදනම් කරගෙන තෝරාගනු ලබන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/ පෙර පාසල් වල එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිව හිමිව තිබෙනවා.

22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක්! කාලගුණයේ නවතම නිවේදනය මෙන්න!
චමරි අතපත්තු ප්රමුඛ සිංහ ධේනුවන් අද රන් පදක්කම් සටනට
ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ