Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනාධිපති තනතුර කතානායකට?

2 years ago 5.8 K

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත්විය යුතු බවත් ව්‍යවස්ථාවට අනුව තාවකාලිකව කතානායකවරයා  ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා පත් විය යුතු බවත් අද පැවති පක්ෂ නායකයින් යෝජනා කර තිබෙනවා.

නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව, පක්ෂ නායකයින්ගේ බහුතර ඉල්ලීම මත ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිඛිතව දැනුම් දීමට කථානායකවරයා තීරණය කර තිබෙනවා.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසන්නේ අගමැතිවරයා ඉල්ලා අස්වීමට එකඟතාවක් නොදැක්වීම නිසා සම්මුතියකට පැමිණීමට නොහැකි වූ බවයි.

අදාළ Twitter පණිවිඩය පහතින්,

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළද අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබා දීමට අගමැතිවරයා සූදානම් බව අගමැති කාර්යාලය පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *