පාසල් ක්‍රිකට් තරග අතරතුර නීති කඩන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය දැඩි විමසිල්ලෙන් පසුවෙන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ තම පාසලේ ගෞරව නාමය ආරක්ෂා කරගැනීම සියලුදෙනාගේ වගකීමක් බවයි.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. වුට්ලර් මහතා,
“මේ දිනවල රටේ පවතින පාසල් ක්‍රිකට් තරගාවලි ඉතාම උණුසුම් ස්වරූපයක් ගන්නවා. ඒ පිළිබඳව නැවතත් ශිෂ්‍යයන්, ආදි සිසුන්, දෙමව්පියන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් අපිට නිරීක්ෂණය වෙනවා.”
“පසුගිය කාලයේ වාර්තා වුණු ඛේදජනක සිදුවීම් අපි කවුරුත් දන්නවා. ජීවිත හානි, බරපතළ රිය අනතුරු, කලහකාරී සිදුවීම් වගේ දේවල්.”
“පොලීසිය මේ ගැන දැඩි අවධානයෙන් ඉන්නේ. ඉදිරි කාලය තුළ අපි බලාපොරොත්තු වෙනවා රථ වාහන පෙළපාලි, බීමතින් රිය පැදවීම්, අපරික්ෂාකාරී රිය පැදවීම්, අනවසර මගීන් ගෙනයෑම වැනි මාර්ග වැරදි ගැන කටයුතු කරන්න. ඒ ගැන ජනතාව දැනුවත් විය යුතුයි.”
“තරග සංවිධායකයින් අදාළ පොලිස් වසමේ පොලිස් නිලධාරීන් හමුවී සංවිධාන කටයුතු කරගන්න. බාධාවලින් තොරව මෙම කටයුතු සිදුකරගෙන යෑමට ඉන් අවස්ථාව ලැබෙනවා. ඔබේ පාසලේ ගෞරවනීය නාමය ආරක්ෂා කරගැනීමට ඔබ සියලුදෙනා කටයුතු කළ යුතුයි.”

22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක්! කාලගුණයේ නවතම නිවේදනය මෙන්න!
චමරි අතපත්තු ප්රමුඛ සිංහ ධේනුවන් අද රන් පදක්කම් සටනට
ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ