Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කළුතර නිවාස සංවර්ධන අධිකාරි කාර්යාලයේ හතරවරන් ගැහිල්ලක්! දාස් ගණනින් ණය ගෙව්වාම සටහන සොච්චම් ගණනින්!

2 years ago 516

මේ හේතුවෙන් එම කාර්යාලයේ ලිපිකරුවන් දෙදෙනකුගේ හා ලිපිකාරියන් දෙදෙනකුගේ වැඩ දැනටමත් තහනමට ලක් කර ඇතැයි ද එම නිලධාරියා කීවේය.

මෙම නිවාස ණය අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ඉදිකිරීමට ලබාදී ඇති අතර, ආබාධිත රණවිරුවන් ද එම ණය මුදල් ලබා ගෙන ඇති බවත්, ඔවුන් එම ණයවාරික නිසි පරිදි ගෙවා ඇති බවත් එම නිලධාරියා කීවේය.

ලබාදුන් ණය අය කරගැනීමට කණ්ඩායම් දෙකක් යොදවා ඇති අතර නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන සේවකයන්ට අමතරව බාහිර පුද්ගලයන් ද ඒ සඳහා යොදවා ඇති බව ඔහු සඳහන් කළේය.

ණය අයකරගැනීමට යොදවා ඇති අධිකාරියේ නිලධාරීන්ට මාසික වැටුපට අමතරව අයකරන මුදල්වලින් වට්ටමක් ද ලබාදීමට කටයුතු යොදා තිබියදී මෙම වංචාව සිදුකර ඇතැයි දැනයන්නට ඇත. ණයලාභීන් කීපදෙනෙකු ණයවාරික වශයෙන් දුන් රුපියල් 50,000, 60,000, 1,00,000 මුදලින් කාර්යාලයට ලැබී ඇත්තේ රුපියල් 50, I00, 200 හා 500 වැනි අඩු මුදල් ප්‍රමාණයන් බව ද ඔහු පැවසීය.

ඒ පිළිබඳ පරික්ෂණයක් සිදුකරන ලෙස දිස්ත්‍රික් කළමනාකාර වෙත ඉකුත් මාර්තු මාසයේ ලද නිර්නාමික දුරකථන ඇමතුම් කීපයක් අනුව සිදුකළ මූලිස විර්ශනවලදී මෙම මහා පරිමාණ මුදල් ව්‍යචාව සම්බන්ධයෙන් තොරතුරු මුලින්ම අනාවරණය වී ඇතැයි එම නිලධාරියා කීවේය.

මුදල් අයකරගැනීමේ නිලධාරින් ලෙස කටයුතු කරමින් අමතර ආදායමක් ද ලබාගත් ආයතනයේ සේවකයන් කිහිපදෙනෙකු සහ නිලධාරීන් තවත් කීප දෙනකු එක්ව මෙම වංචාව සිදුකර ඇති බඩ දැනට කර ඇති විමර්ශනවලදී අනාවරණීය වී

ණය වාරික ගෙවිමෙන් පසුව ණය හිමියාට, දුන් මුදල ශිල්පොතේ නිසි අයුරින් සටහන් කර දෙවන සහ තෙවන පිටපත්වල රුපියල් 15, 30, 100, 2000, S00 ආදී ඉතා සුළු මුදලක් සටහන් කර කාර්යාලයට ඉදිරිපත් කර ඇතැයිද විමර්ශකවලදී හෙළි වී තිබේ.

කාර්යාලයේ රාජකාරි කරන පරිගණක ක්‍රියාකරුවන් ඒ අනුව එහි දත්ත වෙනස් කර මෙම මුදල් වංචාව කණ්ඩායමක් ලෙස 2015 අගභාගයේ සිට 2018 වසර දක්වා සිදුකර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.

මෙම මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටින ලිපිකරුවන් සිවුදෙනා සහ එහි ඇතැම් නිලධාරීන් එලෙස චංචකාරි ලෙස ලබාගත් මුදල් යොදවා සුඛෝපභෝගී ජීවිත ගත කරන බවත් ඔවුන් උසස් තත්වයේ ඇඳුම් පැළඳුම් ආහාරපාන මෙන්ම සුවඳ විලවුන් ආදිය කුරියර් සේවාව හරහා ආයතනයට ද සපයා ගෙන තිබූ බවටත් තොරතුරු අනාවරණය වී ඇත. ඊට අඹතරව විනෝද චාරිකා සඳහා එම මුදල් වැය කර ඇති බවද පැවසේ.

මේ පිළිබඳ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුකර දිස්ත්‍රික් කාර්යාලයේ දිස්ත්‍රික් කළමනාකරු පී ඒ ඩී. එස් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ එහි මුදල් චංචාවක් සිදුවි ඇති ඒ පිළිබඳව දැනගත් දිනම ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍යාධිකාරීවරයාට ලිඛිතව දැනුම් දීමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යන්තර පරික්ෂණයක් සිදු කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

එම නිවාස සහ නාගරික සංවර්ධන අමාතත්‍යාංශයේ ලේකම්වරයා කර දිසාපතිවරයාට කර ඇති ලිඛිසා දැනුම්දීමක් අනුව දිසාපතිවරයාගේ අධික්ෂණය යටතේ වෙනම විගණන පරීක්ෂණයක් සිදු කිරීමට ද නියමිත බව මෙතෙම පැවසීය.

source – lankadeepa

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *