Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පුද්ගලයෙකුට පහර දී මුදල් හා වාහනය කොල්ල කෑ 4ක් අත්අඩංගුවට

3 years ago 110

මීරිගම නගරයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී මුදල් රුපියල් ලක්ෂ 15ක් සහ මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38 සහ 44 වයස්වල පසුවන කල්එළිය සහ මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් සිව්දෙනා අද (සැප්. 6) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු සොරකම් කළ රථය ද සමග අගෝස්තු 29 වන දා අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා සැප්තැම්බර් 8 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *