මීරිගම නගරයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී මුදල් රුපියල් ලක්ෂ 15ක් සහ මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38 සහ 44 වයස්වල පසුවන කල්එළිය සහ මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් සිව්දෙනා අද (සැප්. 6) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු සොරකම් කළ රථය ද සමග අගෝස්තු 29 වන දා අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා සැප්තැම්බර් 8 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්