පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් විසින් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමක් කහවත්ත ඇන්දාන ප්‍රදේශයෙන් වාර්තා විය.
පැහැර ගැනුණු අනෙක් තරුණයා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිතව රොහල්ගත කෙරුණි.
පොලීසිය පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදීම මත ඝාතනය සිදුකර ඇති බවය.
කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක පෙරේදා (30) රාත්‍රීයේ සහෝදරයන් දෙදෙනෙකු තවත් තරුණයෙක් කතාබහ කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇත.
එම අවස්ථාවේදී එහි කඩාවැදුණු පුද්ගලයෙකු පවසා ඇත්තේ,
“දුවන්න එපා. අපි රත්නපුර පොලීසියෙන්. ඔහොම ඉඳපල්ලා” යනුවෙනි.
එහිදී සහෝදරයන් දෙදෙනා අතරින් අයෙක් එම ස්ථානයෙන් පලාගොස් අසල වූ තේවත්තක සැඟවී තිබුණි.
පසුව තවත් අයෙකු ද එම ස්ථානයට පැමිණ තරුණයන් දෙදෙනාට මාංචුවක් දමා ඔවුන් ජීප් රථයක නංවාගෙන පලාගොස් තිබේ.
පොලීසිය පැවසූවේ ඔවුන් දෙදෙනා කහවත්ත ඇන්දාන, කොස්කෑල්ල නම් ප්‍රදේශයේ පාළු ස්ථානයක් වෙත රැගෙන ගොස් ජීප් රථයෙන් බස්සවා බිම දණගස්වා ඇති බවය.
එහිදී තරුණයන් දෙදෙනා කෑගසීමත් සමග, පැහැරගැනීම සිදුකළ කණ්ඩායමේ අයෙකු බිමට වෙඩි තබා ඇති අතර එහිදී උණ්ඩ කැබැල්ලක් එක් තරුණයෙකුගේ පාදයකට වැදී ඇතැයිද පොලීසිය පැවසීය.
පසුව අනෙක් තරුණයා “මේ පොලිසියෙන් නෙවෙයි, අපිව මරන්නයි යන්නේ” යනුවෙන් කෑ ගැසීමත් සමග පිරිස ඔහුගේ ගෙල ප්‍රදේශයට වෙඩි තබා ඔවුන් පැමිණි ජීප් රථයෙන් පලාගොස් තිබේ.
තුවාල ලැබූ තරුණයාගේ කෑගැසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පැමිණ මාංචුව කඩා ඔහුව රෝහල්ගත කර තිබූ අතර ගෙලට වෙඩි වැදුණු තරුණයා ඒ වනවිටත් මියගොස් ඇත.
එලෙස ඝාතනයට ලක්වුණේ 22 හැවිරිදි ඉමන්ත සුරංජන් නැමැත්තෙකි.
මේ අතර, මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක්වූ තරුණයා හා ඔහුගේ සහෝදරයා ඔවුන් පදිංචි ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග ඉකුත් අප්‍රේල් මාසයේදී ගැටුමක් ඇතිකරගෙන ඇති බවය.
ඒ අදාළ පුද්ගලයා සිදුකරන බව කියන ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමකට මෙම සහෝදරයින් දෙදෙනා විරෝධය පළකිරීම හේතුවෙනි.
එම පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අමිත් නැමැත්තාගේ ඥාතියෙක් වන අතර ඒ අනුව මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් සිදුවී ඇතැයි පොලීසිය සැක කරයි.
(source – adaderana)

22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක්! කාලගුණයේ නවතම නිවේදනය මෙන්න!
චමරි අතපත්තු ප්රමුඛ සිංහ ධේනුවන් අද රන් පදක්කම් සටනට
ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ