බාලවයස්කාර දැරියක් සමූහ දූෂණයට ලක්කළ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙලෙස සමූහ දූෂණයට ලක්ව ඇත්තේ 15 හැවිරිදි වියේ පසුවන දැරියකි.
මෙම වසරේ මාර්තු මාසයේ සිට ජුනි මාසය අතර කාලය තුළදී දැරිය සමූහ දූෂණයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
දැරිය විසින් කළ පැමිණිල්ලකට අනුව පාදුක්ක පොලීසිය විසින් මෙම සිද්ධියට සම්බන්ධ තරුණයන් 5ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 19ත් 27ත් අතර වයසේ පසුවන පිරිසකි.
ඒ අතර සිටින එක් තරුණයෙකු සමඟ අදාළ දැරිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බව මූලික විමර්ශනවළදී අනාවරණය වී ඇත.
ඒ අනුව ඔහුගේ ආරාධනයකට අනුව දැරිය පාදුක්ක වවුල්කැලේ ප්‍රදේශයට ගොස් ඇති බවත් එහිදී සෙසු සිව්දෙනාද ඔවුන් සමඟ එක්ව ඇති බවත් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වින්දිත දැරිය අවිස්සාවේල්ල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
පාදුක්ක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
source – ada derana

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි