Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමූහ දූෂණයකින් පාදුක්කම සලිත වෙයි! 15 හැවිරිදි දැරියක් පස් දෙනෙකු විසින් සමූහ දූෂණය කරයි!

2 years ago 7.1 K

බාලවයස්කාර දැරියක් සමූහ දූෂණයට ලක්කළ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස සමූහ දූෂණයට ලක්ව ඇත්තේ 15 හැවිරිදි වියේ පසුවන දැරියකි.

මෙම වසරේ මාර්තු මාසයේ සිට ජුනි මාසය අතර කාලය තුළදී දැරිය සමූහ දූෂණයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දැරිය විසින් කළ පැමිණිල්ලකට අනුව පාදුක්ක පොලීසිය විසින් මෙම සිද්ධියට සම්බන්ධ තරුණයන් 5ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 19ත් 27ත් අතර වයසේ පසුවන පිරිසකි.

ඒ අතර සිටින එක් තරුණයෙකු සමඟ අදාළ දැරිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බව මූලික විමර්ශනවළදී අනාවරණය වී ඇත.

ඒ අනුව ඔහුගේ ආරාධනයකට අනුව දැරිය පාදුක්ක වවුල්කැලේ ප්‍රදේශයට ගොස් ඇති බවත් එහිදී සෙසු සිව්දෙනාද ඔවුන් සමඟ එක්ව ඇති බවත් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වින්දිත දැරිය අවිස්සාවේල්ල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

පාදුක්ක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

source – ada derana

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *