ස්විටසර්ලන්තයේ සූරික් නගරයේ පැවති ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව සඳහා එක්වූ ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට පස්වන ස්ථානයෙන් සෑහීමකට පත්වන්නට සිදුවුණා.
මෙම තරගය සඳහා ලොව ප්‍රමුඛ පෙලේ කෙටි දුර ධාවන ශූරයින් වන යොහාන් බ්ලේක් සිම්බිනේ
අකානි ටේරවෝන් බ්‍රොමෙල් ආදීන් එක්ව සිටියා.
එහිදී ඉසව්ව නිමා කිරීම සඳහා තත්පර 9.94ක කාලයක් වැය කළ ඇමරිකා එක්සත් ජනපදයේ
ටේරවෝන් බ්‍රොමෙල් පළමුවන ස්ථානය දිනාගත් අතර ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් දෙවැන්නා ලෙස තරගය නිමා කළේ තත්පර 10.05ක කාලයක් වැය කරමින්.
කැනඩාවේ ආරොන් බ්‍රවුන් තුන්වැන්නා ලෙසටත් දකුණු අප්‍රිකාවේ සිම්බිනේ අකානි
සිව්වැනියා ලෙසටත් තරගය නිමා කළා.
යුපුන් අබේකෝන් මීටර් 100 නිමා කිරීම සඳහා වැය කළ කාලය තත්පර 10.14ක් වූ අතර ඔහු
තරගය නිමා කළේ පස්වැන්නා ලෙසටයි.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්