රට බාහිර ලෝකයෙන් හිඟා කෑමට ලක් කළ වසර විසි පහක පමණ වූ දේශපාලන ඉතිහාසය අවසන් කර, රට ස්වයං පෝෂිත කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ යුතු කාලය එළැඹ ඇතැයි ද, ඒ වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු යැයි ද එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
රට ගොඩනගා ජනතාව සවි බල ගැන්විය හැක්කේ, ජනප්‍රිය දේ නොව නිවැරදි දේ කිරීමෙන් පමණක් බව පෙන්වා දෙන රවී කරුණානායක මහතා යහ පාලන ආණ්ඩු කාලයේ දී එක්සත් ජාතික පක්‍ෂය ක්‍රියා කළේ ඒ ප්‍රතිපත්තියට අනුව යැයි ද සඳහන් කළේය.
මේ වන විට රටේ උද්ගත වී ඇති උග්‍ර ආර්ථික සහ දේශපාලන අර්බුදයට හේතුව ජනතාව දුර දිග නොබලා යහ පාලන ආණ්ඩුව බලයෙන් පහ කිරීම යැයි පෙන්වා දෙන රවී කරුණානායක මහතා ඊට පසුව බලයට පත් වූ රජය කළේ නිවැරදි දේ නොව ජනප්‍රිය දේ බව ද කියා සිටියි.
එසේ බලයට පත් වූ රජය නිවැරදි දේ නොව ජනප්‍රිය දේ කරමින් කරමින් නව රැකියා ලක්ෂ හතරකින් රාජ්‍ය සේවයේ බර වැඩි කළ අතර ඒ හේතුවෙන් රට තව තවත් ප්‍රපාතයට තල්ලු කළ බවට ද රවී කරුණානායක මහතා දැඩි ලෙස චෝදනා කර සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම දහ තුන් දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙකු සිටින අතර එම තත්ත්වය අනෙකුත් රටවලට වඩා හතර ගුණයකින් වැඩි බව ද පෙන්වා දෙන රවී කරුණානායක මහතා රට-ජනතාව සහ නූපන් අනාගත පරපුර එක්ක අවස්ථාවාදී දේශපාලන නොකළ යුතු බව ද අවධාරණය කර සිටියි.
රජයේ බදු ආදායමෙන් 84%ක් ම වැය වන්නේ රාජ්‍ය සේවය පවත්වා ගෙන යාමට වන අතර අනෙකුත් සියලුම කටයුතු සඳහා වැය කිරීමට සිදුව ඇත්තේ ඉතිරි 16% බව ද, පෙන්වා දෙන රවී කරුණානායක මහතා ඒ අනුව මිලියන 20ක ජනතාව නඟා සිටුවනවා ද නැති නම් ලක්ෂ 17ක රාජ්‍ය සේවකයන්ගේ අවශ්‍යතා සුරක්ෂිත කිරීම පමණක් කරනවා ද යන්න පිළිබඳව තීරණය කළ යුතු කාලය එළැඹ ඇතැයි ද සඳහන් කළේය.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට