2025, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වීමට නියමිතයි.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එම් ඉන්දිකා කුමාරිගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන විභාග දෙපාර්තමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් පැවැත්වුණා.
එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ,
“පෙරවරු 9:30ට තමයි විභාගය ආරම්භ වෙන්නේ. නමුත් සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30 වෙනවිට යන්න ඕනේ. පෙරවරු 9 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතුයි.”
“දෙවෙනි ප්‍රශ්න පත්‍රය මුලින්ම දරුවන්ට ලබාදෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. අවසන් වෙන්නේ 10:45ට.”
“ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් තිබෙනවා.”
“පළමු ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 11:15ට. මේ ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක් තියෙනවා. ඒ අනුව 12:15ට තමයි ඒ ප්‍රශ්න පත්‍රය අවසන් වෙන්නේ. ඒ අනුව සම්පූර්ණ විභාගයම අවසන් වෙන්නේ 12:15ට.”
“විභාගය අතරතුර යම් ආපදා තත්ත්වයන් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුම්දෙන්න පුළුවන්. විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.”
“විශේෂයෙන්ම දරුවන් ලියන්න අවශ්‍ය පෑන්, පැන්සල්, මකන කෑල්ලක්, අඩිරූලක් විනිවිද පෙනෙන කවරයක දාගෙන යන්න, වෙනත් අනවශ්‍ය දේවල් රැගෙන යන්න එපා.”
“කටුවැඩ සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ කඩදාසියක් ලබා දෙනවා. එක කඩදාසියක් ප්‍රමාණවත් නැත්තම් ඉල්ලුවොත් නැවත වාරයක් තවත් කඩදාසි ලබාදෙනවා. ඒ නිසා කටුවැඩ සඳහා හෝ අනවශ්‍ය අවශ්‍යතාවයකට වෙනත් කඩදාසි ෆයිල් කවර විභාග ශාලාවට රැගෙන යන්න එපා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා
එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්
රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නේ ජනතාව නෙවෙයි – ලාල් කාන්ත
Google වෙතින් විප්ලවීය වෙනසක්! Passwords අමතක වුණත් භය වෙන්න ඕන නෑ!
ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!