Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවයට ජනපති අනුර කුමාර දිසානායක මහතා එක්වෙයි

1 year ago

ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක, විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ 1996 වසරේදී ජිනීවාහි ආදිවාසී සමුළුවට සහභාගී වීමත් සමඟ ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමේ කතිකාව ආරම්භ කෙරුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය 1999 වසරේදී කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විය.

විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එක්ව ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය විචිත්‍රවත් අයුරින් සංවිධානය කර තිබු අතර, සාමය සහ සෞභාග්‍යය සඳහා ආශිර්වාද කෙරෙන සාම්ප්‍රදායික කිරි කොරහා චාරිත්‍රය ඉටු කිරීම ඇතුළු ආදිවාසී ජනතාවට ආවේණික විවිධ සංස්කෘතිකාංග රැසකින් මෙම අවස්ථාව වර්ණවත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *