අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදේශක හිමිනමක් සහ රියැදුරු මත්කරවා රුපියල් ලක්ෂ 72කට අධික මුදලක් කොල්ල කෑ තරුණියක් සොයා මීගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
පසුගිය 16 වැනි සිකුරාදා හිමිනමගේ ඥාති පුත්‍රයකු කොරියාවේ සිට පැමිණ ඇත. හිමිනම ඔහු රැගෙන යාමට ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ එම තරුණයා මුහුණු පොතින් හඳුනාගත් තරුණියක්ද ගුවන්තොටුපළට පැමිණ සිට ඇත.
තරුණයා නඩුවකට පෙනී නොසිටීම නිසා නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදීම අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ අවස්ථාවේ තරුණයා සතුව තිබූ රුපියල් ලක්ෂ 72කට අධික මුදල් ප්‍රමාණයක් හිමිනමට භාරදී ඇත.
පසුව හිමිනම සිය ඥාති පුත්‍රයාගේ මිතුරියද සමග පිටත්ව ගිය අතරමගදී එම තරුණිය විසින් පලතුරු බීම දෙකක් වෑන් රථයේ රියැදුරුට සහ හිමිනමට ලබාදී ඇත. එම බීම පානය කිරීමෙන් අනතුරුව සිහි මඳ ගතියක් ඇති වූ බව හිමිනම පොලිසියට ප්‍රකාශ කර ඇත.
ස්වල්ප වේලාවකින් එම ගතිය නැතිවී ගොස් ඇති අතර එම තරුණියද රියෙහි නංවාගෙන පැමිණ දෙමටගොඩ ප්‍රදේශයෙන් බැස්සවූ බව හිමිනම පොලිසියට පවසා ඇත. පසුව බැලීමේදී ඥාති පුත්‍රයා තමන්ට ලබාදුන් මුදල් අතුරුදන් වී තිබූ බවට එම පැමිණිල්ලෙහි සටහන් වේ.
තරුණිය අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය විමර්ශන සිදුකරයි.
source – aruna

අද කාලගුණය
විනිසුරු වයස දීර්ඝ කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට ලිපියක්! රජයේ නව තීරණයට කනස්සල්ල පළ කරයි!
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්
භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට
වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ