වනඅලි දුම්රියේ ගැටීම් බහුලව සිදුවීම හේතුවෙන් එම අනතුරු වළක්වාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන දුම්රිය මාර්ගවල වනඅලි නිතරම ගැවසෙන ස්ථාන ආශ්‍රිතව සවිකළ CCTV කැමරා පද්ධතියේ සොයා බැලීමක් අද (10) සිදුකළේය.
‘සෝලාපැනල්’ උපයෝගී කරගනිමින් පැය 24 පුරා ක්‍රියාත්මක කරන මෙම කැමරා පද්ධතිය අබන්පොළ කාසිකොටේ වනඅලි මාරුවන දුම්රිය උමං මාර්ගය අසල මෙන්ම ගල්ඔය සහ මින්නේරිය ප්‍රදේශයන්හි වනඅලි නිතරම ගැවසෙන ස්ථාන ආශ්‍රිතව මීට මාස 2කට පමණ ඉහතදී ස්ථාපිත කරනු ලැබීය.
කැමරාවේ පටිගතවන දර්ශන අනුව වනඅලි දුම්රිය මාර්ගයේ සිටී GPS හරහා සංඥාවක් අනුරාධපුරය ප්‍රධාන දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථානයට ලැබෙන තාක්ෂණයක් ස්ථාපිත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර එහි දර්ශන අනුව එම අවස්ථාවේ දුම්රිය මාර්ගයේ ගමන්ගන්නා දුම්රියන්හි රියදුරන්ට දැනුම්දෙනු ලැබේ.
මෙම නිරික්ෂණ චාරිකාවට දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් එක් වූහ.
එහිදී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන්කර සිටියේ, මෙවැනි එක් කැමරාවක් සවිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 20,000ක පමණ මුදලක් වැය වන බවයි.
ඒ හේතුවෙන් සම්පත් දායකින් සිටිනවා නම් ඔවුන්ට මෙම කැමරා පද්ධති ලබාදිය හැකි බවත්, එසේ වුවහොත් දුම්රිය මාර්ගයේ වනඅලි බහුවල සිටින ස්ථාන ආශ්‍රිතව තවත් කැමරා සවිකිරීමට හැකි බවයි.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති