ලොව ප්‍රථම පියාසර කළ හැකි යතුරු පැදිය පසුගියදා උතුරු ඇමෙරිකානු මෝටර් රථ ප්‍රදර් ශනයකදී එළි දැක්වූවේය.මෙම හවර් යතුරුපැදිය පැයට කිලෝ මීටර 100 ක් දක්වා වේගයකින් ධාවනය කළ හැකි අතර විනාඩි 40 ක කාලයක් පියාසර කළ හැක.
මෙම යතුරුපැදිය එක්ස් ටුවරිස්මෝ ලෙස හඳුන්වන අතර ඇමෙරිකානු ඩොලර් 777000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 278584026) ක මිලක් නියම කර ඇත.ලබන වසර වනවිට මෙම යතුරුපැදියේ කුඩා ආකෘතියක් නිපදවීමට බලාපොරොත්තු වන බවත් 2025 වසර වන විට ඇමෙරිකානු ඩොලර් 50000 කට විකිණිය හැකි යතුරු පැදියක් නිර් මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම යතුරු පැදියේ නිර් මාණකරු වන අර් වින්ස් සමාගම ප්‍රකාශ කළේය.
හවර් යතුරුපැදි ජපානයේ මේ වන විට විකිණීමට තිබෙන බවත් එය ගුවන් යානා කාණ්ඩයට අයත් නොවන නිසා පැදවීමට ගුවන් නියමු බලපත්‍රයක් අවශ්‍ය නොවන බවත් නිර් මාණකරුවෝ පවසති.කෙසේ වෙතත්, ජපානයේ එවැනි යන්ත්‍ර සඳහා ඇති දැඩි රෙගුලාසි හේතුවෙන්,එක්ස් ටුවරිස්මෝ තවමත් මහා මාර් ග වල ධාවනය කළ නොහැකි බව එම සමාගම පවසයි.
එක්ස් ටුවරිස්මෝ හවර් යතුරුපැදියට අශ්ව බල 228 ක කවසාකි යතුරු පැදි එන්ජිමක් සවිකර ඇත.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති