අනියම් ප්‍රේම යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව කියන දෙදරු මවක් වූ තිස් හත් හැවිරිදි ඇගළුම් සේවිකාවක් පිහියකින් ඇණ ඝාතනය කොට පයිනස් වත්තක සැගවී සිටි ඝාතකයෙකු අද (22) පාන්දර අත් අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලීසිය පැවසීය.
අලවල හෑපනාකන්ද ප්‍රදේශයේ පදිංචි වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇගළුම් සේවිකාවක් වශයෙන් සේවයේ නියුතුව සිටි තිස් හත් හැවිරිදි විවාහක දෙදරු මවක් වන ඇන් එච් ආර් ශ්‍යාමලී නැමැත්තිය ඊයේ (21) පස්වරුවේ හෑපනාකන්ද ප්‍රදේශයේ දී මග රැක සිටි පුද්ගලයෙකු ඇයට පිහියකින් ඇණ බරපතල තුවාල සිදු කොට පැන ගොස් තිබිණ.
බරපතල තුවාල ලබා සිටි ඇය වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට සිටියදී ඊයේ (21) රාත්‍රියේම මිය ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබිණ.
මේ පිළිබඳව ලද තොරතුරකට අනුව අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් අද (22) පාන්දර හෑපනාකන්ද ප්‍රදේශයේ පයිනස් වත්තක් වටලා සෝදිසි කළ අවස්ථාවේ එහි සැගවී සිටි ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
සැකකාර ඝාතකයා අත් අඩංගුවට ගෙන වැඩිදුරටත් කරන ලද පරීක්ෂණවලදී සැකකාර ඝාතකයා ඇගළුම් සේවිකාවට අවස්ථා කිහිපයක්ම අනියම් සම්බන්ධයක් පැවැත්වීම සඳහා යෝජනා කර ඇති බවත් ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඝාතනය සිදු කොට ඇති බවට හෙළි වී ඇත.
ඇගළුම් සේවිකාව සේවය නිමා කොට බස් රථයකින් පැමිණ බැස නිවසට යාම සඳහා වනගත ප්‍රදේශයක් හරහා පා ගමනින් යමින් සිටියදී මග රැක සිට පිහි ප්‍රහාරය එල්ල කොට ඇති බවද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනයට යොදා ගත් බව කියන පිහියක්ද සගවා තිබියදී පොලීසිය සොයා ගෙන ඇත.
ඝාතකයා ද අලවල හෑපනාකන්ද ප්‍රදේශයේම පදිංචි හතළිස් හත් හැවිරිදි අවිවාහකයෙකු බවට පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මේ පිළිබඳව අත්තනගල්ල පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ හා ගම්පහ සහකාර පොලිස් අධිකාරී 05 උපාලි කාරියවසම් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතා ගේ මෙහෙය වීම යටතේ එහි උප පොලිස් පරීක්ෂක ධර්මසිරි, පොලිස් සැරයන් කිත්සිරි 9332, පොලිස් කොස්තාපල් වරුන් වන රාජපක්ෂ 12015, පොතුපිටිය 97432 හා පොලිස් සැරයන් රියදුරු බණ්ඩාර 34568 යන මහත්වරු වැටලීමට සහභාගි වූහ.
source – lankadeepa

22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක්! කාලගුණයේ නවතම නිවේදනය මෙන්න!
චමරි අතපත්තු ප්‍රමුඛ සිංහ ධේනුවන් අද රන් පදක්කම් සටනට
ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ