ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ දිස්ත්‍රික්කයේ අධි ආරක්ෂිත කලාප අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශ, ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය,පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදීය ගුවන් හමුදා මූලස්ථානය,මල්පාර අග්‍රාමාත්‍ය කාර්යාලය, කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම්කර ඇත.
මේ අතර මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු