Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාර්ලිමේන්තුවේ මාලු හොද්ද රස පරීක්ෂකට යවයි

3 years ago 435

ආහාර විස වීමට තුඩු දුන් බව පැවසෙන පාර්ලිමේන්තුවේ මාළු හොද්දේ මාළු කෑලි කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයාට යවා තිබෙනවා.

ආහාර විස වීමට හේතුව සොයා ගැනීම සඳහා එම මාළු කෑලි රජයේ රස පරීක්ෂක වරයාට මෙසේ යැවූ බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.

පසුගිය 22දා පාර්ලිමේන්තුවේ දිවා ආහාරය සමග මාළු ආහාරයට ගැනීමෙන් අනතුරුව එහි පොලීසියේ නිලධාරීහු දෙදෙනෙක් දැඩි ලෙස රෝගාතුර වීමෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ නියෝගයෙන් විශේෂ පරීක්ෂණයක් දැනටමත් ආරම්භවී ඇත.

ඒ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සෙනරත් මහතා කළ පැමිණිල්ලක් අනුවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *