අධිකරණ තීන්දු පිළිබඳ සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාළිකා ඔස්සේ ඇතැම් පුද්ගලයන් විසින් කරන ප්‍රකාශ සහ අනාවැකි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සිය කනස්සල්ල පළ කර ඇත.
එම සංගමය පෙන්වා දී ඇත්තේ මෙවැනි ක්‍රියාවන් නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණ පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසයට හානි කරන බවයි.
මෙවැනි ප්‍රකාශයන් අධිකරණ සේවා කොමිසමේ සහ අධිකරණයේ විෂය පථය යටතේ ඇති ස්වාධීන ආයතන ඉලක්ක කර ඇති බවත්, අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකුගෙන් සමන්විත අධිකරණ සේවා කොමිසම, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සහ අනෙකුත් අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, උසස්වීම්, ස්ථාන මාරු සහ විනය පාලනය අධීක්ෂණය කරන බවද එහි සඳහන් වේ.
එබැවින් අධිකරණයේ ස්වාධීනත්වය බාහිර බලපෑම්වලින් ආරක්ෂා කළ යුතු බවට එම සංගමය අවධාරණය කරන අතර, නඩු තීන්දුවලට බලපෑම් කිරීමට දරන මහජන ප්‍රකාශ සහ විවරණ, නීතියේ නිසි ක්‍රියාදාමයට තර්ජනයක් බවද, නීතියේ ආධිපත්‍යය, නීතියේ නිසි ක්‍රියාදාමය සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් හා නිදහස සැමවිටම ආරක්ෂා කරන ලෙසද නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගෙන් නීතිඥ සංගමය ඉල්ලා සිටියි. එවැනි මැදිහත්වීම් සිදුකරන පුද්ගලයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (C) (1) සහ (2) වගන්තිය යටතේ නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දිය හැකි බවත් එවැනි ක්‍රියාවලට අධිකරණයට ඇඟිලි ගැසීම් ලෙස සලකා දඬුවම් පැමිණවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි