Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දින 7ක් ඉන්දුනීසියාවේ රැදී සිටිමින් පද්මේ කොටු කළ පොලිස් අධිකාරීවරුන් දෙදෙනාගේ වික්‍රමාන්විතය

1 year ago

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු මිනිස් ඝාතන රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් ආකාරය ගැන තවත් කරුණු මේ වනවිට අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මෙම පිරිස කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතය.

මෙම අපරාධකරුවන් අතරින් මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හා කුඩු නිලංග ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සැඟවී සිටින බවට පොලීසියට විශ්වාසදායි තොරතුරක් පසුගියදා ලැබී තිබේ.

ඒ අනුව අදාළ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගේ උපදෙස් මත ඒ සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන් දෙදෙනා මීට දින 7කට පමණ පෙර ඉන්දුනීසියාව බලා පිටත්කර තිබේ.

ඔවුන් දෙදෙනා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඉන්දුනීසියානු පොලිසියේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් හා එක්ව අපරාධකරුවන් පිළිබඳ ආවේක්ෂණ රාජකාරී සිදුකර ඇත.

විමර්ශන සිදුකළ මෙරට පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම දින 7 තුළ බොහෝ අවස්ථාවල එක්වේලක් පමණක් ආහාර ගෙන ඇති අතර, පදික වේදිකාවල පවා නිදාගනිමින් අපරාධකරුවන් පිළිබඳ සෝදිසියේ නිරතව සිටි බව සඳහන්.

කෙසේ වෙතත් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම්වන බවට ඔවුන් ලද තොරතුරකට අනුව ජකර්තා නුවර පිහිටි අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක සිටි කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හා කුඩු නිලංග එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා එරට ආරක්ෂක පොලිස් කණ්ඩායම සමග ඔවුන් පසුපස ඉතා සූක්ෂ්ම අයුරින් හඹාගොස් තිබේ.

එලෙස පලායන පිරිස තමන් රැඳී සිටි නිවාස සංකීර්ණයේ සිට කිලෝමීටර 7ක් පමණ දුරින් වූ තවත් අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකට ගොස් ඇත.

එම ස්ථානයට යෑම සඳහා ඔවුන් විවිධ මාර්ග භාවිත කර ඇති අතර, ඔවුන් එතැනට ළඟා වී ඇත්තේ කිලෝමීටර 60ක පමණ දුරකින් යුත් මාර්ගවල ගමන්කිරීමෙන් පසුව බව සඳහන්.

කෙසේ වෙතත් ඒකාබද්ධ පොලිස් කණ්ඩායම අපරාධකරුවන් පිරිස රැඳී සිටි නිවාස සංකීර්ණය ඊයේ අලුයම වටලා තිබේ.

එහිදී කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හා කුඩු නිලංග අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සමග සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු හා තුන්හැවිරිදි කුඩා දරුවකු සමග සිටි කාන්තාවක් ද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ ඔවුන් කජ්ජා හා දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින බැකෝ සමන් හා තැඹිලි ළහිරු යන දෙදෙනා බවය.

අදාළ කාන්තාව හා දරුවා බැකෝ සමන්ගේ බිරිය හා දරුවා බවද එහිදී අනාවරණ වී තිබේ.

පසුව පිරිස ඉන්දුනීසියා පොලිසියට එරට මුදලින් මිලියන 10ක් එම ස්ථානයේදීම ලබාදී බේරී යාමට උත්සහා දරා ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් එය නොතැකූ පොලිස් කණ්ඩායම අදාළ අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *