Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලයින් පිරිස දිවයිනට රැගෙන එයි

11 months ago

ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ.

පැය කිහිපයක ප්‍රමාදයකින් අනතුරුව අද (30) පස්වරු 3.30ට පමණ ජකර්තා අගනුවරින් පිටත් වූ ගුවන් යානය රාත්‍රී 7.20ට පමණ ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.

මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ තුළත් ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන බව සඳහන්.

මේ වන විට මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් යන මහත්වරුන් ඇතුළු පොලිස් විශේෂ කාර්යය බළකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හෙවත් පිට්ටුවා ඇතුළු අපරාධකරුවන් පස්දෙනෙක් පසුගිය 27 වැනිදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත්තා.

මෙම මෙහෙයුම සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මහින්ද ජයසුන්දර යන දෙදෙනා මෙරටින් සහභාගි වුණා.

මේ අතර, මෙම අපරාධකරුවන් අතර සිට අත්අඩංගුවට පත් බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ සහ ඇගේ දරුවා ජකර්තා පොලිසිය මගින් මුදා හැර තිබුණේ එම කාන්තාවට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර නොමැතිවීම හේතුවෙන්.

ඒ අනුව ඊයේ පස්වරුවේ ඇය සහ දරුවා දිවයිනට පැමිණි අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සංවිධානාත්මක අපරාධකරුවෙක් සමඟ සබඳතා පැවැත්වීම සහ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් ඇය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන අතර ඇගේ තුන් හැවිරිදි දරුවා ඥාතීන් වෙත භාරදීමට පියවර ගත් බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *