Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදුලි සේවකයෝ වැඩ වැරුමකට සැරසෙයි

11 months ago

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා දිගු කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

විදුලි බල මණ්ඩලයේ සේවකයන් විසින් ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජය කිසිදු අවධානයක් මේ දක්වා යොමුකර නොමැති බැවින් මෙම තීරණය ගැනීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි.

මෙම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත ඊයේ [8] මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසුවේ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පස්වරු 4. 30 න් පසු අතිකාල සේවාවලින්ද ඉවත් වීමට ඊයේ [08] තීරණය කළ බවය.

හෙතෙම කියා සිටියේ ජනතාව අපහසුතාවට පත්වෙන බැවින් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් පමණක් වෘත්තීය සමිති නැවතුන ද රජය විදුලිබල මණ්ඩලයේ සේවකයන් සැහැල්ලුවට ගැනීමට කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *