Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති අනුර සහ ජපාන අගමැති අතර හමුවක්

11 months ago

ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ටෝකියෝ නුවරදී පැවැත්වුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක තෙදින නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින අතර, එහිදී මෙම හමුව සිදුවී තිබෙනවා.

එහිදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා සිහිපත් කරමින් දෙරට අතර ස්ථාපිත කර ඇති ගැඹුරු සහ පුළුල් විස්තීරණ හවුල්කාරිත්වයේ රාමුව යටතේ ආරක්ෂාව, ආර්ථික ආයෝජන සහ සංවර්ධන සහයෝගීතාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට දෙපාර්ශ්වයටම ඇති අරමුණ පිළිබඳව නැවත තහවුරු කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ශ්‍රි ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ගමන් මග පිළිබඳව ජපාන අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළ අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නය සඳහා ජපානය අඛණ්ඩ සහයෝගය දක්වන බව යළිත් අවධාරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *