Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දැරියක් කෙලෙසා හිරේට ගිය වැරදිකරුට දැරියක් නිසා ඇප හිමිවෙයි

12 months ago

බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූලව භාරකාරත්වයෙන් අපහරනය කිරීම සහ බරපතල ලෙස ලිංගික අපයෝජනය කිරීම යන චෝදනා දෙකට වැරදිකරු කර මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දහයක සිරදඬුවම් නියම කර තිබූ තිස්හත් හැවිරිදි දෙදරු පියෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුන් ලංකා ජයරත්නය ඊයේ (29) නියෝග කළා.

මහාධිකරණ මගින් එකී සිරදඬුවම් නියම කිරීම හේතුවෙන් සිය සේවා දායකයාගේ හතර හැවිරිදි දැරිය ඩවුන් සින්ඩ්‍රොම් නැමති රෝගයෙන් පීඩා විඳින දරුවා මේ වන විට රිජ්ජේ ආර්‍යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බවත් එලෙස රෝගය උත්සන්න වී ඇත්තේ පියාගේ සෙහෙනස අහිමි විම නිසා බවද රෝහලේ වෛද්‍යවරුන් දුන් වාර්තා ද ඉදිරිපත් කරමින් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දුන්නා.

මහාධිකරණය විසින් පසුගිය ජුනි 11 වැනිදා ලබාදුන් සිරදඬුවමට හා දඩවලට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ සිය සේවාදායකයා අභියාචනයක් ගොනු කර ඇති බවද විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

එකී කරුණු සලකා බැලූ විනිසුරුවරිය මධුසංඛ තරංග බණ්ඩාර නැමති එකී විත්තිකරු රුපියල් 15,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතර විත්තිකරුගේ විදෙස් ගමන් ද තහනම් කරනු ලැබුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *