Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දේපළ සම්බන්ධයෙන් පෙත්සමක්

12 months ago

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් එම මාලිගාවට අයත් දේපළ අවභාවිතා කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ විහාර හා දේවාල ගම් පනත යටතේ දළදා මාලිගාවට අයත් ප්‍රවේණිගත දේපල පැවරීම, බදුදීම හෝ අන්සතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවය.

එසේ තිබියදී වත්මන් වැඩබලන නිලමේවරයා ඉකුත් කාලයේ දළදා මාලිගාවට අයත් දේපොළ අවභාවිතාවට ලක්කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයිද පෙත්සම්කරු සඳහන් කර ඇත.

ඒ අනුව ශ්‍රී දළදා මාලිගාව සතු වත්කම් සහ නිශ්චල දේපළ අන්සතු කිරීම, පැවරීම හෝ විකිණිම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන්  ඉල්ලා තිබේ.

ඊට අමතරව දළදා මාළිගාව සතු වත්කම් හා දේපළ පිළිබඳ සම්පූර්ණ විගණනයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් දළදා මාලිගාවේ පාලන කටයුතු මෙහෙයවීම සඳහා තාවකාලික භාරකරුවකු පත්කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *