Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අරමුදල් නැතුව අමෙරිකානු රජය වසා දමයි

11 months ago

ඇමෙරිකානු සෙනෙට් සභිකයින් අවසාන මොහොතේ අරමුදල් පනතට එකඟ නොවීම හේතුවෙන් එරට රජය මේ වනවිට වසා දමා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, 2018 වසරේදී අවසන් වරට අමෙරිකානු මෙලෙස රජය වසා දැමුණු බව ය.

මේ ආකාරයට රජය වසා දැමීමෙන් එරට සියලු රාජ්‍ය සේවාවන් වසා නොදැමේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, දේශසීමා ආරක්ෂාව, රෝහල් තුළ වෛද්‍ය ප්‍රතිකාර, නීතිය ක්‍රියාත්මක කිරීම සහ ගුවන් ගමනාගමන පාලන කටයුතු අඛණ්ඩව සිදු කරන බව ය.

සෙනෙට් සභාවේ ආසන 53ක් පමණක් ඇති බවත් මෙවැනි පනතක් සම්මත කිරීමට ඡන්ද 60ක් අවශ්‍ය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ඒ අනුව, මෙම අරමුදල් පනත සම්මත කරගැනීමට ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ සහය අවශ්‍ය වී තිබේ.

ඇමෙරිකානු දේශපාලනය තුළ අයවැය ගැටුම් සුලභ වුවද, මෙම වියදම් සටන විශේෂයෙන් උණුසුම් වන්නේ පසුගිය මාස නවය තුළ ට්‍රම්ප් රජයේ වියදම් විශාල ලෙස කප්පාදු කර ඇති බැවිනි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *