උතුරු ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පෙරේදා (04) රාත්‍රියේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට වැටෙන විට අවම වශයෙන් බස් රථයේ මගීන් 45 දෙනෙකු පමණ එහි සිට ඇති බවයි එරට බලධාරීන් පවසා තිබෙන්නේ
පෙරේදා (04) රාත්‍රියේ බේරා ගැනීමේ කණ්ඩායම් දියත් කළ මෙහෙයුමකින් මේ වන විට මගීන් කිහිපදෙනෙක් බේරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා
බස් රථය ලාල්දාන්ග් සිට උත්තර්කාන්ද් ප්‍රාන්තයේ බිරොන්කාල් ගම්මානය දක්වා මංගල පෙරහැරක මගීන් රැගෙන යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි පැවසෙන්නේ
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා
සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජනාධිපතිවරයා සිය ශෝකය පළකර තිබුණා.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්