Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සම්පත් මනම්පේරි ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ලේකම්වරයෙකු බවට ප්‍රචාරය කළ අයට එරෙහිව නඩු දැමීමට සැරසෙයි

11 months ago

සම්පත් මනම්පේරි තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බවත් එවැනි බොරු ප්‍රකාශ කරමින් පහර දෙන කණ්ඩායමට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේය.

ඔහු මේ මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කොට්ඨාස සංවිධායකයින් සඳහා පත්වීම් ලිපි ලබා දීමේ උත්සව අවස්ථාවේ පාක්ෂිකයින් අමතමිනි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේය.

“දැන් කියනවා මගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් මනම්පේරි කියන පුද්ගලයා කියලා. මතක තියා ගන්න. මම සම්බන්ධීකරණ ලෙකම්වරු පත් කළේ මේ දිස්ත්‍රික්කයේ අය පමණයි කියන එක මම තමුන්නාසේලාට මතක් කරන්න කැමතියි.

මේ බලන්නේ කොහෙන් හරි පහර දෙන්න. අපට තවම නීතිය පිලිබඳ දැඩි විශ්වාසයක් තියනවා. ඒ නිසා නීති මගින් ගන්න පුලුවන් උපරිමයෙන් අපි හැම අවස්ථාවකදිම කටයුතු කරනවා” ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *