ගලේවෙල, පට්ටිවෙල අක්කර 80 ප්‍රදේශයේ සුනඛයන් රැසකට වස මිශ්‍ර ආහාර ලබාදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ගලේවෙල පොලීසිය පවසයි.
ඊයේ (09) දිනයේ දී ගලේවෙල පොලීසියට ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුගෙන් ලද පැමිණිල්ලක් මත අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇත.
ප්‍රදේශය පුරා සුනඛයින් 6දෙනෙකුගේ පමණ මළ සිරුරු තැන තැන වැටී තිබිය දී සොයාගැනීමට හැකි වු බව ප්‍රදේශවාසීන් පවසයි.
කුකුළු ගොවිපොළක් පවත්වාගෙන යන අයෙකු විසින් මෙම ක්‍රියාව සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන බවට පොලීසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇති බව වාර්තා වේ.
මියගිය සුනඛයින් අතර පැටවුන් ලැබීමට සිටි ගැබ්බර සුනඛ ධේනුවක් මෙන්ම පැටවුන් සහිත බැල්ලියක් වේ.

අද කාලගුණය
විනිසුරු වයස දීර්ඝ කිරීම ගැන ජනපතිගෙන් ප්රකාශයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට ලිපියක්! රජයේ නව තීරණයට කනස්සල්ල පළ කරයි!
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
ශ්රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්
භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට
වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්රමෝද්ය වික්රමසිංහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ