Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මීගමුවේ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

4 weeks ago

මීගමුවේ ප්‍රදේශ කිහිපයකට හෙට (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ, හෙට පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය. 

ඒ අනුව පෙරියමුල්ල, ඒත්තුකාල, කුඩාපාඩුව, දළුපොත, කට්ටුව, ලෙවිස් පෙදෙස, සෙල්ලකන්ද පාර, වැල්ල වීදිය යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙනු ඇත.

මීගමුව ජල සම්පාදන ක්‍රමයේ පෙරියමුල්ල ජල කුලුනෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුකිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *