ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙකු තේරීමේ රැස්වීම අද (7) මහනුවර බෞද්ධ මන්දිරයේදී පැවැත්වෙනවා.
මෙම රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, මහා සංඝරත්නය ඇතුළු නිලධාරීන් 267 දෙනෙකුට ඡන්දය භාවිතා කිරීමට අවසර හිමිව තිබෙනවා.
උඩරට රාජධානිය ඉංග්‍රීසින් අතට පත්වූ පසු, මේ දක්වා දියවඩන නිලමේ ධුරය දැරූ අය ගණන 19 දෙනෙකි.
අභිනවයෙන් පත්වෙන නිලමේවරයාට 2035 වසර දක්වා ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව හිමි වනවා.
මෙවර තේරීම් සඳහා නාමය ඉදිරිපත් කර ඇති අය මෙසේය –
වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල,
දමින්ද බණ්ඩාර උඩුරාවණ (බස්නායක නිලමේ මහනුවර කතරගම හා පස්ගම දේවාල),
ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක (බස්නායක නිලමේ නාථ හා ඇම්බැක්ක දේවාල),
තිලක් සුබසිංහ (මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාල),
ගාමිණි කළුහෙන්දිවල (විද්‍යා උපාධිධාරි),
රොෂාන් ප්‍රියදර්ශන (ව්‍යාපාරිකයක),
නන්ද මඩුගල්ලේ (විශ්‍රාමික යුද හමුදා කර්නල්).
මෙම තේරීම සඳහා මල්වතු හා අස්ගිරි මහා විහාරවල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, රජමහා විහාරස්ථානවල භාරකාරවරුන් 157 දෙනකු, ප්‍රාදේශීය ලේකම්වරුන් 71 දෙනකු සහ බස්නායක නිලමේවරුන් 29 දෙනකු ඡන්දය භාවිතා කරනු ඇත.
උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත් දේවාල 31කට ඡන්ද හිමිකම ලැබෙයි. දමින්ද බණ්ඩාර උඩුරාවණ හා බණ්ඩාරනායක මහත්වරුන් දෙදෙනා දේවාල දෙකක නිලධාරීන් බැවින් ඔවුන්ට එක් දේවාලයක නියෝජනයක් ලෙස පමණක් ඡන්දය ලබාදිය හැක.
රැස්වීම් ශාලාවට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයන් සහ ඡන්ද දායකයන් පමණක් වන අතර, ඡන්ද හිමිකමක් නොමැති අපේක්ෂකයකුට ඇතුළු වීමට අවසර නොලැබේ.

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි