මෙරට හෙද විදුහල්වල සිටින හෙද ආචාර්යවරුන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඒ සඳහා බඳවා ගැනීම් කඩිනමින් සිදුකරන ලෙස විෂයභාර අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
හෙද විදුහල් තුළ අනුමත හෙද ආචාර්යවරුන් ප්‍රමාණය 395ක් බවත්, මේ වන විට සිටින්නේ 220කට ආසන්න පිරිසක් බව ද වාර්තා වේ.
ඒ අනුව තවත් හෙද ආචාර්යවරුන් 175 දෙනෙකුගේ අවශ්‍යතාවයක් පවතින බව සඳහන්.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙද විදුහල්පතිවරුන්ගේ සංසඳයේ සාමාජිකයින් සමග පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වී ඇත.
ඒ අනුව නතර කර ඇති හෙද ආචාර්යවරුන් බඳවා ගැනීම කඩිනමින් ආරම්භ කර ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති පිරිස් වෙනුවෙන් ඉදිරි මාස දෙක ඇතුළත විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි