පෙමට පිටුපෑවයි උරණ වූ 27 හැවිරිදි පෙම්වතකු තම දාසය හැවිරිදි පෙම්වතියගේ ගෙලට තියුණු පිහි පහරක් එල්ල කර ඇය ඝතනය කර ඔහුද ගෙළ වැළලාගෙන මිය යාමේ සිද්ධියක් ගම්පොළ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පන්විලතැන්න, මිල්ලගහමුල, කාසල්ක් මිල්ක් ප්‍රදේශයේ පදිංචි මල්කී දිල්රුක්ෂි නමැති තරුණියක් හා දිනූෂ ප්‍රියන්ත දිල්ෂාන් යන තරුණයෙක්.
මල්කි දිල්රුක්ෂි එම ප්‍රදේශයේ පාසලක දහය වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්.
ඇගේ නිවස ආසන්නයේ පදිංචිකරුවකු වන දිනූෂ ප්‍රියන්ත යන අය යුද හමුදාවේ සේවය කොට ඉන් පලාවිත් විවාහයක් කරගැනීමෙන් පසු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව පොලිසිය පවසනවා.
පසුව එම විවාහය අසාර්ථක වීමෙන් පසු මොහු ගමට පැමිණ සිටියදී සිය පියා සමඟ ආරවුලක් ඇති කරගෙන අමනාප වි මෙම මල්කි නමැති තරුණියගේ දෙමාපිය කැමැත්ත මත එම නිවසේ වසරක පමණ කාලයක් පදිංචිව සිට තිබෙනවා.
ඒ අතර තුර මෙම පාසල් දැරිය සමඟ මොහු පෙම් සබඳතාවක් ඇති කරගෙන ඇති අතර පසුව මොහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රැකියාවක් කිරීමට ගොස් ඇතැයි සඳහන්.
ඒ අතර මල්කි දිල්රුක්ෂි මෙම පෙම් සබඳතාවය නවතන බව දිනූෂ නමැති තරුණයාට දන්වා ඇති අතර ඔහු තේරුම් ගෙන ඇත්තේ ඇගේ පාසලේ ළමයකු සමග ඇය අලුත් සබඳතාවයක් ඇති කරගෙන ඇති බවටයි.
එයින් උරණ වී ඇති මොහු ඊයේ සවස ගමට පැමිණ මල්කිගේ මවට ඔක්කොම කපා මරන බවට තර්ජනය කර තිබෙනවා.
දිල්කිගේ පියා වන හේවගේ ලලිත් කුමාර යන අය කොළඹ ප්‍රදේශයේ බේකරියක රැකියාවක් කරන අතර නිවසේ සිට ඇත්තේ දිල්කිගේ මව, අත්තම්මා හා ඇගේ ඥාතී නැගෙණියෙක්.
මව නින්දට ගිය පසු මෙම සැකකරු රාත්‍රි දහයට පමණ මෙම නිවසට ඇතුළුවී දිල්කිගේ ගෙලට පිහි පහරක් එල්ල කර පලා ගොස් තිබුණා.
සිද්ධිය දැනගත් මව කෑ ගසමින් ප්‍රදේශවාසීන්ගෙන් උදව් ඉල්ලා ඇති මුත් කිසිවෙකුත් ඒ සඳහා ඉදිරිපත් වී නැතැයි වාර්තා වනවා.
පසුව ඇය පොලිසියට දන්වා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ගමේ කිසිවකුත් ඇය රෝහල් ගත කිරීමට ඉදිරිපත් නොවීමේ අවාසනාවන්ත සිදුවීම නිසා අධික ලෙස රුධිරය වහනය වීමෙන් දැරිය මිය යන්නට ඇතැයි අනුමාන කරන බවයි.
සැකකාර දිනූෂ මෙම සිද්ධියෙන් පසු එම නිවසට ඉහළින් ඇති තේවත්තක, දළුමඩුවකට ගොස් ගෙළවැලලා ගෙන මිය ගොස් තිබී සොයාගත්තා.
මල්කි ඝාතනයට යොදා ගත් තියුණු පිහිය ද ඒ අසල දමා තිබී හමුවුණා.
ඔහුගේ ජංගම දුරකථනය විනාශ කර තේ වත්තට විසිකර තිබියදි එයද පොලීසිය සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි