ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ඒ අනුව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පැතුම් නිස්සංක ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිත බවය.
මෙම අබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයේ පන්දු රැකීම සඳහා ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු යොදවනු ලැබිණි.
පැතුම් නිස්සංක අද තරගයේ දී ලකුණු 14 කට දැවී ගිය අතර, පසුගිය 18 වැනිදා පැවැති තරගයේ දී ඔහු ලකුණු 74 ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
මීට පෙර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ඩිල්ෂාන් මදුෂංක, දුෂ්මන්ත චමීර හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින්ට ද ආබාධ හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා.
මේ අතර ධනුෂ්ක ගුණතිලක වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට කැඳවීමට ICC තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇත.
එසේම පාදයේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමිවිය.
දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තීරණය කළේය.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති