Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තවත් ඖෂධයක් කුඩා ළමුන් 100කට මරු කැඳවයි

2 years ago 5 K

ඉන්දුනීසියාවේ කුඩා ළමයින් 100ක් පමණ සිරප් සහ ඖෂධ දියර වර්ග නිසා ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් එරට තුළ සිරප් සහ ඖෂධ දියර වර්ග අලෙවිය තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

මේ පිළිබඳව වාර්තා වී ඇත්තේ ගැම්බියාවේ ළමයින් 70 දෙනෙක් කැස්ස සඳහා ලබාදෙන සිරප් වර්ගයක් නිසා මරණයට පත්වී ඇති බව හෙළිවීමෙන් අනතුරුවය.
 
එම ළමා මරණ සම්බන්ධයෙන් ඉන්දුනීසියානු බලධාරීන් පරීක්ෂා කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ එක් සිරප් වර්ගයක වකුගඩුවේ තුවාල ඇතිකරන රසායනික ද්‍රව්‍යයක් අඩංගු බවය.

ඒ හේතුවෙන් ළමා මරණ 99ක් සිදුව ඇති බව සඳහන් ය.
 
එම ඖෂධය එරට නිෂ්පාදනයක්ද නැතහොත් වෙනත් රටකින් ආනයනය කළ ඖෂධයක් ද යන්න අපැහැදිලි ය.

ඉන්දුනීසියානු බලධාරීන් ළමුන් 200 දෙනෙක් සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇති අතර ඔවුන්ට විවිධ වකුගඩු ආබාධ ඇති බව හඳුනාගැණුනි.

ඉන් බහුතරය වයස අවුරුදු 05ට අඩු ළමයින් බව වාර්තා විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *