ඉන්දුනීසියාවේ කුඩා ළමයින් 100ක් පමණ සිරප් සහ ඖෂධ දියර වර්ග නිසා ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් එරට තුළ සිරප් සහ ඖෂධ දියර වර්ග අලෙවිය තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
මේ පිළිබඳව වාර්තා වී ඇත්තේ ගැම්බියාවේ ළමයින් 70 දෙනෙක් කැස්ස සඳහා ලබාදෙන සිරප් වර්ගයක් නිසා මරණයට පත්වී ඇති බව හෙළිවීමෙන් අනතුරුවය.
එම ළමා මරණ සම්බන්ධයෙන් ඉන්දුනීසියානු බලධාරීන් පරීක්ෂා කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ එක් සිරප් වර්ගයක වකුගඩුවේ තුවාල ඇතිකරන රසායනික ද්‍රව්‍යයක් අඩංගු බවය.
ඒ හේතුවෙන් ළමා මරණ 99ක් සිදුව ඇති බව සඳහන් ය.
එම ඖෂධය එරට නිෂ්පාදනයක්ද නැතහොත් වෙනත් රටකින් ආනයනය කළ ඖෂධයක් ද යන්න අපැහැදිලි ය.
ඉන්දුනීසියානු බලධාරීන් ළමුන් 200 දෙනෙක් සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇති අතර ඔවුන්ට විවිධ වකුගඩු ආබාධ ඇති බව හඳුනාගැණුනි.
ඉන් බහුතරය වයස අවුරුදු 05ට අඩු ළමයින් බව වාර්තා විය.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි