Ritz Carlton ජාලයට අයත් අති සුඛෝපභෝගී නෞකාවක් මගින් 400ක් රැගෙන අද (14) කොළඹ වරායේ මගී නෞකා අංගනයට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යම්කිසි අභියෝගයකට මුහුණ දී තිබුණු පසුබිමක මෙවැනි විශාල මගී නෞකාවක් මෙරටට පැමිණීම සංචාර කර්මාන්තයට මහත් පිටිවහලක් බව මෙහිදී අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසුවේය.
මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
දින දෙකක් පුරා මෙම නෞකාව ශ්‍රී ලංකාවේ නැංගුරම්ලා තිබෙන අතර හෙට දිනයේදී ගාල්ලට පැමිණීමට නියමිතය.
මෙහිදී නෞකාවේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතා බහක නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරයා නෞකාවේ නිරීක්ෂණයකට ද එක්විය.
එහිදී සමරු පලක හුවමාරු කිරීමක්ද සිදු කෙරිණි.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති