‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දෙමාපියන් අහිමිව අනාරක්ෂිතභාවයට පත් වූ දරුවන් පිළිබඳ විවිධ පුද්ගලයින් විසින් එම දරුවන් රැකබලා ගැනීම හා ඔවුන්ගේ ඉදිරි ජීවන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දරුවන් ඔවුන් භාරයට පත් කරන ලෙස ඉල්ලීම් කරමින් විවිධ දුරකථන අංක පළකරමින් ඒවාට දරුවන්ගේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පණිවුඩ සංසරණය වන බවට ශ්‍රී ලංකා පොලීසියට නිරීක්ෂණය වී තිබේ.
මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ දුරකථන අංක පළ කරනු ලබන ඇතැම් නොහඳුනන පුද්ගලයින් විසින් අනාරක්ෂිතභාවයට පත් වු දරුවන් පිළිබඳ තොරතුරු ඉල්ලා ලබා ගැනීමෙන් පසු එම දරුවන්ගේ භාරකරුවන් ලෙස පෙනී සිටිමින් සහන සපයන මුවාවෙන් විවිධ නීතිවිරෝධී කටයුතු සඳහා යොමු කර ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බවද පොලීසිය නිවේදනය කරයි.
එසේම දරුවන් ලිංගික අපයෝජන, ළමා අපචාර, මෙහෙකාර සේවයේ යෙදවීම හා ළමුන් කෲරත්වයට පත්කිරීම් ඇතුළු අපරාධ සඳහා මෙම අනාරක්ෂිත දරුවන් ලක්වීමද සිදුවිය හැකි බව පොලීසිය සඳහන් කරයි.
එම දරුවන් නිසි භාරකාරත්වයට ගෙන ඔවුන් සුරක්ෂිතව පෝෂණය කිරීමේ හෝ දරුකමට හදාවඩා ගැනීමට යම් තැනැත්තෙකුට සද්භාවයෙන්ම අවශ්‍යතාවයක් තිබේනම් ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන සාමාන්‍ය පොදු නීතිය යටතේ දිසා අධිකරණයේ නඩු කටයුත්තක් ආරම්භ කිරීමෙන් පසු එම කටයුතු ඉටුකර ගත හැකි වනු ඇතැයි ද පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස දුරකථන අංක පළ කරමින්, අනාරක්ෂිත භාවයට පත්වූ දරුවන් පිළිබඳ විමසීම් කරන නොහඳුනන තැනැත්තන් වෙත එම දරුවන්ගේ තොරතුරු ලබා දීමෙන් වැළකී සිටින ලෙසට ශ්‍රී ලංකා පොලීසිය ඉල්ලා සිටී.
එවැනි දෙමව්පියන් අහිමිව අනාරක්ෂිත තත්ත්වයට පත් දරුවන් සම්බන්ධව යම් අයෙකුට සහනයක් ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී ළමා රක්ෂණ අධිකාරිය හෝ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉ

පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ඥාති පුත්‍රයාත් CID දැලේ