2023 වසර සදහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේදී බදු ප්‍රතිශතයන් තවත් වැඩි කිරීමට සිදුවනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට තිබේ.
සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 466ක්, සුබසාධන ආධාර සඳහා රුපියල් බිලියන 124ක්, අධ්‍යාපනය සඳහා සුබසාධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 16ක් සහ සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන් සඳහා රුපියල් බිලියන 10ක් වශයෙන් මේ වසර තුළ වැය කිරීමට ආණ්ඩුවට සිදුව තිබේ.
රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවීමට රුපියල් ට්‍රිලියන 1.1ක් සහ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා තවත් රුපියල් බිලියන 3.2ක් වැය කිරීමට රජයට සිදුවේ.
ක්ෂය වී ඇති රාජ්‍ය භාණ්ඩාගාරය නංවාලීම සඳහා නව බදු පැනවීමට දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත රජය විසින් පසුගිය සතියේ ගැසට් කරන ලදී.
එය මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අගෝස්තු අතුරු අයවැයෙන් ප්‍රකාශයට පත් කරන ලද ආදායම් යෝජනා පිළිබඳ පසු විපරමක් විය.

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
අද රෑ අහසේ ”ඩෙල්ටා ඇක්වාරිට්ස්” දැකගැනීමට අවස්ථාවක්
නීතිඥ සංගමය හා අධිකරණ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්
සැප ගමනකට තවත් මෙට්‍රෝ බස් නැවක් දිවයිනට
නීතිඥ සංගමයේ තීරණාත්මක රැස්වීමක් අද
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
හිටපු ඇමති රාජිතට අධි චෝදනා
වලානේ පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරී ගිනි අවියෙන් සිය ජීවිත ඉරණම විසඳා ගනී
අදට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම
ලක්ෂ 7කට වැඩි පඩියකට රජය හරහා රට යන්න අවස්ථාවක්! රැකියා අවස්ථා 10,000ක්!
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට