රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බරපතල රිය අනතුරක් සිදු කිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (15) නම් කරනු ලැබුවා.
ඒ අනුව එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරජා යන විනිසුරුරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ලබන ජනවාරි මස 22 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කළා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා.
පාඨලී චම්පික රණවක විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයේදී සිය රියැදුරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් බව පෙත්සම්කාර පාඨලී චම්පික රණවක සිය පෙත්සම මගින් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව එම සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කර තිබූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේ තිබියදී අදාළ චෝදනා සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ යළි නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කර ඇති බවයි පෙත්සම්කරු සඳහන් කර තිබෙන්නේ.
අපරීක්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බරපතල රිය අනතුරක් සිදු කිරීම යන චෝදනා අදාල චෝදනා පත්‍රය මගින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති බවයි පෙත්සම්කාර පාඨලි චම්පික රණවක පෙන්වා දී ඇත්තේ.
එකම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු වරද පිළිගෙන තිබියදී එකී සිද්ධියට අදාලවම තමන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා විසින් ගෙන ඇති තීරණය නීතියට පටහැනි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අනුව තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධිචෝදනා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාඨලී චම්පික රණවක අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
අද පස්වරුවේ වැසි වැටෙන ප්‍රදේශ
බිලිඳුන් සහ තරුණයන් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් බය හිතෙන හෙළිදරව්වක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වෙනස් වන ලකුණු