ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් අද (15) පරාජයට පත්ව තිබේ.
ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය 36ක් වන අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 19ක් ලැබී ඇත.
අද පෙරවරුවේ නගරාධිපති සුනිල් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන රැස්විම පැවැත්විණි.
ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදි වැඩි ඡන්ද 02කින් අයවැය පරාජයට පත්විය.
එහිදී ජාතික ජල බලවේගයේ මන්ත්‍රීවරුන් 17 දෙනා අයවැය ලේඛනයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 09 දෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 05, පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 03 සහ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරනු ලැබීය.
ගාල්ල මහ නගර සභාව ජාතික ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එක්ව පිහිටවනු ලැබූ අතර නගර සභාව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය පළ කරමින් නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත් ප්‍රියන්ත සහබන්දු මහතාද අයවැයට විපක්ෂව සිය ඡන්දය භාවිත කළේය.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි