බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද (17) දහවල් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොළොන්නරුව – මහියංගණය මාර්ගයේ මුවගම්මන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
දෙහිඅත්තකණ්ඩිය දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ මඟී බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් මෙම අනතුරට මුහුණ පා තිබේ.
අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ හා පිරිමි දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමේදී මව හා එක් දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගිය මව වයස අවුරුදු 33ක් හා දරුවා වයස අවුරුදු 02ක් වූ මාවනාගම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ත්‍රීරෝද රථයේ රියදුරු සහ වයස අවුරුදු 11ක් වන දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇත.
බස් රථයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්රමෝද්ය වික්රමසිංහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි