ඊයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දී පැවති “මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ’තරඟය අතරතුර යම් කලබලකාරී තත්වයක් ඇතිව තිබෙනවා.
එහිදී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගැටුමට තරගය සඳහා එක්ව සිටි සුරූපිනියන් ද මැදිව ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
ප්‍රථම වරට ඇමරිකාවේ නිව්යෝර්ක් හි පැවති මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු තරග වැදී ඇති අතර ඔවුන්ට සහාය දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන්.
එහි සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙරට කලාකරුවන් පිරිසක්ද ඊට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ වීඩියෝව පහතින්.