නාත්තන්ඩියේ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ ලොරි රථයක, පුද්ගලයන් දෙදෙනකු ගැටීමෙන් එක් අයෙකු එම ස්ථානයෙම ජීවිතක්ෂයට පත් වී තවත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා .
මෙම අනතුර අද (20) දින උදෑසන 7:00ට පමණ සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන මංසන්ධියේදීයි .
ඩයගම සිට කොළඹ දක්ව ධාවනය වූ බස් රථයක රියදුරුට විවේක ගැනීම සඳහා බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ නතර කල අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු බස් රථයේ පසුපස දොරෙන් ප්‍රධාන මාර්ගයට බසින අවස්ථාවේ නාත්තන්ඩියේ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් රා ප්‍රවහනය කිරිමින් තිබූ ලොරි රථයක මෙම මගීන් දෙදෙනා ගැටී අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ .
ලොරි රථයේ රියදුරා දිඹුගල පතන පොලිසිය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර, රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබඳ පරීක්ෂණ පවත්වන දිඹුල පතන පොලිස සඳහන් කර සිටියේ .
අනතුරින් මිය ගොස් ඇත්තේ ලිදුල මෙරායා ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් නැමති 25 හැවිරිදි තරුණයෙක් .
පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්