Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රේමය ප්‍රතික්ෂේප කළ තරුණියකට සහ පවුලේ 11 දෙනෙකුට තරුණයෙකුගෙන් පොලු ප්‍රහාරයක්

2 years ago 1.9 K

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගුන්තූර් ප්‍රදේශයේ තරුණයෙකු විසින් පිහියකින් යකඩ පොල්ලකින් පහර දී තරුණියකට සහ ඇයගේ පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට බරපතළ තුවාල සිදුකළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

අදාළ තරුණයා එම තරුණියට ප්‍රේම කරන බවට ඇයගේ පවුලේ සාමාජිකයින්ට දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් විසින් තරුණයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඊට කෝපයට පත්ව අදාළ තරුණයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

තරුණයාගේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූවන් 11 දෙනා ප්‍රතිකාර සඳහා නරසරෝපෙට් රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ප්‍රහාරයෙන් බරපතළ තත්ත්වයේ පසු වූ තරුණිය සහ තවත් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුන්තූර් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *