ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගුන්තූර් ප්‍රදේශයේ තරුණයෙකු විසින් පිහියකින් යකඩ පොල්ලකින් පහර දී තරුණියකට සහ ඇයගේ පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට බරපතළ තුවාල සිදුකළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
අදාළ තරුණයා එම තරුණියට ප්‍රේම කරන බවට ඇයගේ පවුලේ සාමාජිකයින්ට දන්වා තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් විසින් තරුණයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඊට කෝපයට පත්ව අදාළ තරුණයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
තරුණයාගේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූවන් 11 දෙනා ප්‍රතිකාර සඳහා නරසරෝපෙට් රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ප්‍රහාරයෙන් බරපතළ තත්ත්වයේ පසු වූ තරුණිය සහ තවත් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුන්තූර් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක්
අද කාලගුණය