දිවයින පුරා විසිරී සිටින පාසල් සිසුවියන් මිලියනයකට අධික පිරිසකගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින්, 2026 වසරේ සිට සනීපාරක්ෂක තුවා ලබාදීමේ ව්‍යාපෘතිය දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (22) ඉසුරුපාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.
දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් මිලියනයකට අධික සංඛ්‍යාවක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රජය රුපියල් බිලියන 1.44ක් වෙන් කර තිබෙනවා.
එක් සිසුවියක් සඳහා වසරකට රුපියල් 1,440ක් වටිනා තිළිණපතක් (Voucher) පිරිනැමෙන අතර මෙම තිළිණපත් පළාත් අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත බෙදා හැරීමට නියමිතයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) සහතික ලත් ආයතන හරහා පමණක් සනීපාරක්ෂක තුවා බෙදා හැරීම සිදු කරනු ලබනවා.
මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමිය විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවේ සිසුවියන්ට තමන්ට රුචි පරිදි අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.
එමෙන්ම භූගෝලීය සාධක සලකා බලා වවුචර්පත් හෝ සනීපාරක්ෂක තුවා සෘජුව ලබාදීමේ ක්‍රමවේදයන් සකස් කිරීමටත්, භාවිතයෙන් පසු ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ පද්ධතියක් පාසල් තුළ ස්ථාපිත කිරීමටත් මෙහිදී අවධානය යොමු වුණා.
2024 වසරේදී දුෂ්කර හා වතුකරයේ පාසල් ඉලක්ක කරගනිමින් ඇරඹි මෙම වැඩසටහන, 2026 වසරේ සිට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වඩාත් ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීමට මෙහිදී තීරණය කෙරුණා.

පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ඥාති පුත්‍රයාත් CID දැලේ