රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද (23) සිට 2026 වසරේ ජනවාරි මස 4 වන දින දක්වා පාසල් නිවාඩු ලබාදී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කර ඇත්තේ, 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලු ම පාසල් 2026 ජනවාරි 05 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිත බවය.
ඒ අනුව 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය 2025.12.09 නිකුත් කළ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වේ.
මීට අමතරව, 2026 වර්ෂයේ දෙවන හා තෙවන වාරයන් 2025.09.11 දිනැති අංක 30/2025 දරන පාසල් වාර සටහන – 2026 චක්‍රලේඛය පරිදිම ක්‍රියාත්මක වන අතර, විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත පාසල් විභාග පැවැත්වෙන දිනයන්හි වෙනසක් සිදුනොවන බව වැඩිදුරටත් මෙයින් දන්වමු.
ඒ අනුව සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය ඊයේ (22) දින ද, මුස්ලිම් පාසල් 2025 දෙසැම්බර් 26 වන සිකුරාදා දින ද අවසන් කිරීමට නියමිතය.
මුස්ලිම් පාසල් සඳහා 2025.12.27 දින සිට 2026.01.04 දින දක්වා ද පාසල් නිවාඩු ලබා දී තිබේ.

පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ඥාති පුත්‍රයාත් CID දැලේ