Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‘Call of duty’ සම නිර්මාතෘ වින්ස් සැම්පෙලා දිවි ගමනට සමුදෙයි

3 months ago

ලොව ජනප්‍රිය Call of Duty වීඩියෝ ක්‍රීඩා මාලාවේ සම-නිර්මාතෘවරයෙකු වූ ප්‍රසිද්ධ ක්‍රීඩා නිර්මාණකරුවෙකු වන වින්ස් සැම්පෙලා, ලොස් ඇන්ජලීස් අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 55කි.

වාර්තා අනුව ෆෙරාරි රථයක් කොන්ක්‍රීට් බාධකයක ගැටී ගිනිගැනීමෙන්, රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනාම එම ස්ථානයේදී මියගොස් තිබේ.

2003දී Jason West සහ Grant Collier සමඟ Call of Duty නිර්මාණය කළ වින්ස් සැම්පෙලා, Medal of Honor, Titanfall සහ Apex Legends වැනි ජනප්‍රිය ක්‍රීඩා රැසකටද දායක වී ඇත.

ඔහුගේ අභාවය වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රයට විශාල පාඩුවක් ලෙස විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *