Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වෙලාව වෙනස් කර හොරණ නගර සභාවේ අයවැය සම්මත කරගත් බවට චෝදනා

3 months ago

හොරණ නගර සභාවේ අයවැය සම්මත කර ගැනීමට නීති විරෝධී ක්‍රමයක් යොදාගත් බවට එහි විපක්ෂ මන්ත්‍රීවරුන් හොරණ පොලිසියට පැමිණිලක් කර ඇත .

පාලකම් ජාතික ජනබලවේගයට ආසන 6 ක් සහ විපක්ෂයට ආසන 7 ක් ලෙස බලය හිමි හොරණ නගර සභාවේ අයවැය අද පෙරවරු 10 ට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී නියමිත වේලාවට පෙර සභාවට පැමිණි ආණ්ඩු පක්ෂයේ මාන්ත්‍රීවරු සහාශාලාවේ ඔරලෝසුවේ වේලාව 10 .05 ලෙසින් වෙනස් කර විපක්ෂ මන්ත්‍රීවරුන් සභාවට පැමිණීමට පෙර අයවැය ඉදිරිපත්කර එය සම්මත කරගෙන තිබේ.

ඒ අනුව අයවැය දෙවැනිවර කියවීම විපක්ෂයේ සහභාගීත්වයකින් තොරව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පමණක් නියමිත වේලාවට විනාඩි පහකට පෙර (9.55) සිදුකර ඇතිබව විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරති . මෙම ක්‍රියාව තමන් හෙලාදකින බවත්, ඊට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්න බවත් ඔවුහු පවසති .

හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරිගේ ප්‍රධානත්වයෙන් හොරණ නගර සභා රැස්වීම ආරම්භ වී අත්තේ නියමිත වේලාවට පෙරය . පෙරවරු 10 ට ඇරඹීමට නියමිතව තිබූ සභාවේ කටයුතු කල්තබා ආරම්භ කර නියමිත වේලාවට විනාඩි පහකට ප්‍රථමයෙන් එනම් 9.55 ට ආරම්භ කර ඇත . ඒ අනුව විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගැබට පැමිණීමට පෙර පාලක පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනා පමණක් එක්ව අයවැය සම්මත කරගෙන ඇතිබව විපක්ෂය චෝදනා කරයි .

හොරණ නගර සභාවේ විපක්ෂ නායක ග්‍රැන්විල් රාජපක්ෂ (ස්වාධීන කණ්ඩායම) මේ සිදුවීම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය .

”අපි නියමිත වෙලාවටම රැස්වීම් ශාලාවට ආවා. රැස්වීම් ශාලාවේ ඔරලෝසුවේ විනාඩි පහකින් වෙලාව වෙනස් කරලා. අපි මන්ත්‍රීවරු හරියටම වෙලාවට ආවා.ඒ විනාඩි කිහිපය ඇතුළත පාලක පක්ෂය සංශෝධිත අයවැය ඉදිරිපත් කරලා සම්මත කරගෙන . අපි ආවට පස්සේ අයවැය සම්මත උනා කිව්වා. අපි අද විපක්ෂයේ මන්ත්‍රීවරු හත්දෙනාම සහභාගී වුණා. මේක බරපතල තත්ත්වයක් . ජනමතය නොතකා බලහත්කාරකමින් අයවැය සම්මත කර ගැනීමක්. මේ පිළිබඳව අපි හොරණ පොලිසියට පැමිණිල්ලක් කළා .”

අනතුරුව අප මේ පිළිබඳව හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරිි (ජාතික ජන බලවේගය) ගෙන් විමසූවෙමු. ඔහු පැවසූවේ නියමිත වේලාවට සභාව රැස්වූ බවය. වැඩි දුරටත් අදහස් දක්වූ ඔහු මෙසේ පැවසීය.

”අපි නියමිත වෙලාවට අයවැය සංශෝධිත කෙටුම්පත ඉදිරිපත් කළා.විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් ඇවිත් හිටියේ නෑ.සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු හය දෙනාම හිටියා.ඒ අයගේ ඡන්දයෙන් අපි අයවැය සම්මත කළා.අයවැය සම්මත කරන අවස්ථාවේ සභාවේ ඝණ පූර්ණය සිටියා.”

මෙම සිදුවීම පිළිබඳව හොරණ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු සියළු දෙනා එක්ව හොරණ මූලස්ථාන පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් ගොනුකර ඇත.

(source – divaina)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *