Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හර්ෂ ද සිල්වාගෙන් ජනපතිට ලිපියක්

3 months ago

ගංවතුර උවදුර හේතුවෙන් රට ඉතාමත් තීරණාත්මක මොහොතකට මුහුණ දී සිටින අවස්ථාවක, විගණකාධිපති තනතුර දෙසැම්බර් [ 07] වැනිදා සිට පුරප්පාඩු වී තිබීමත්, ඒ හමුවේ විගණන සේවා කොමිසමට සභාපතිවරයෙකු නොමැති වීමත් ගැටලු සහගත තත්ත්වයක් මතු කර ඇති බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු බවත්, එය ක්‍රියාත්මක වීම සඳහා ස්වාධීන විගණන යාන්ත්‍රණයක් අවශ්‍ය බව එහිදී ඔහු පෙන්වා දී තිබෙයි.

එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තියට අනුව විගණකාධිපතිවරයෙකු පත් වන බව ද, එම විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ආයතන විගණනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කරන බව ද එමඟින් පෙන්වා දී තිබෙයි.

එබැවින්, විගණකාධිපති ධුරය පුරප්පාඩු වීම නිසා මෙම අනිවාර්යය ව්‍යවස්ථාපිත ක්‍රියාවලියට බාධා සිදුවනු ඇති බවයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *