Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශිගෙන් ක්‍රිකට් ලොව මවිත කරවන වාර්තාවක්

3 months ago

ඉන්දියාවේ 14 හැවිරිදි වෛභව් සූර්යවංශි, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ‘ලැයිස්තු ඒ’ තරගයක ශතකයක් රැස්කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙස අද (24) නව වාර්තාවක් පිහිටුවා ඇත.

විජේ හසාරේ කුසලාන තරගාවලියේදී බිහාර් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු පන්දු 36කින් ශතකයක් රැස් කළ අතර, පන්දු 59කින් ලකුණු 150 සීමාව පසුකර ‘ලැයිස්තු ඒ’ ඉතිහාසයේ වේගවත්ම ලකුණු 150 වාර්තාවද හිමිකර ගත්තේය.

පන්දු 84කදී ලකුණු 190ක් රැස් කළ ඔහුගේ ඉනිමට හතරේ 16ක් සහ හයේ 15ක් ඇතුළත් විය.

2025 වසර ඔහුට සුවිශේෂී වසරක් වූ අතර, මෑතකදී IPL ඉතිහාසයේ ශතකයක් රැස්කළ ලාබාලතම ක්‍රීඩකයා බවටත් පත් විය.

එමෙන්ම මෙවර යොවුන් ලෝක කුසලානය සඳහා වන ඉන්දීය සංචිතයටද ඔහු ඇතුළත් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *